Skip to main content

Posts

ගෙදර ඉඳන් Online මුදල් උපයන ක්‍රම 20 ක්...

මගේ කලින් ලිපි 02 කින් මං online මුදල් උපයන ක්‍රම කීපයක් ගැන කතා කළා. අද ඒ ක්‍රමයි තවත් ක්‍රම කීපයක් ගැනයි කතා කරන්නයි යන්නෙ. මගෙ මුලින් දාපු ලිපි කියවපු නැති අයට ඒ ලිපි වල link දාන්නම් බලන්න. එහෙනම් අද මුල ඉඳන් ඒ සියළු දේවල් කතා කරන්න. මෙහිදී මූලික දේ වන අදාළ වෙබ් සයිට් වල ලියාපදිංචි වීම පිළිබඳව මම කතා කරන්න යන්නෙ නෑ. මොකද ඒක ඒ තරම් දෙයක් නෙමෙයි. මූලිකව අවශ්‍ය වන First Name, Last Name, Email Adress, Password ඇරෙන්න වෙන දේවල් අහන්නෙ නෑ. ඉතිං ඒ ටික fill කරල ලියාපදිිිිිංචි වෙන්නයි තියෙන්නෙ. ලියාපදිංචියෙදි මොනාහරි ගැටළුවක් ආවොත් comment එකක් දාන්න. ගොඩක් වෙලාවට අපි ලියාපදිංචි වුනාට පස්සෙ එයාල අපිට ඊමේල් එකක් එවනවා. ඒකෙ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරල අදාළ වෙබ් සයිට් එකට ගියාම තමයි ඔයාව active කරන්නෙ. ඊට පස්සෙ තමයි ඔයාට ඒ වෙබ් සයිට් එකේ වැඩ කරන්න පුළුවන් වෙන්නෙ. මම ගොඩක් ඒවල කරන විදිය වීඩියෝ  එකකින් දාල තියෙනවා. ඒත් හැම එකකම දාල නෑ. මොකද ගොඩක් ඒවල  එකම විදියට තමා කරන්න තියෙන්නෙ.  ඒ වගේම ඒ්වල කරන්න තියෙන දේවලුත් බලල කරන්න පුළුවන් වෙයි කියල මං හිතනවා. මම දාල තියෙන වීඩි...

Online මුදල් උපයමු 02

අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ලංකාවෙ web site දෙකකින් සල්ලි හොයන්නෙ කොහොමද කියලයි. හැබැයි අර මම කලින් කියල දීපු GramFree වගේ මේක නම් සම්පූර්ණයෙන්ම නොමිලේ නම් නෙමේ. යම් කිසි මුදලක් ආයෝජනය කරන්න ඕන. නමුත් වෙනත් ආයෝජන වලට වඩා මේ web site වල ආයෝජනය කිරීමෙන් ඔබට බැංකුවක හෝ වෙනත් මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කරනවට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔයා රුපියල් ලක්ෂයක් බැංකුවක දැම්මොත් උපරිම අවුරුද්දකට රු: 15,000/= ක් වගේ ගානක් තමා හම්බවෙන්නෙ. ඒත් මං මේ කියන්න යන web site වල ඔයා ආයෝජනය කරනව වගේ තවත් මුදලක් අවුරුද්දක් ඇතුලත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට ඔයා රු: 4,000/= ක් දැම්මොත් අවුරුද්දක් ඇතුලත රු: 10,000/= ක් විතර හොයාගන්න පුළුවන්. ඒකෙන්ම රු: 6,000/= ක් ලාභයි. ලංකාවෙ තියන මේ web site දෙකම ඔවුන්ගේ පාරිභෝගිකයින්ට නියමිත පරිදි මේ වනතෙක් මුදල් ගෙවල තියෙනවා. ඒ වගේම රස්සාවක් විදියට මේ web site වලම වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ ලිපිය ලියන මමත් මේ web site දෙකෙන්ම මුදල් හොයල තියෙනවා. ඉතිං යාළුවනේ ඔයාලට බයවෙන්න කිසිම කාරණයක් නෑ. මුලින්ම ඔයාල ඒකෙ තියෙන ගාණ අඩුම package ...

Online මුදල් උපයමු 01.

අද ඉඳන් මම ඔයාලට ගෙදර ඉන්න ගමන්, වැඩට යන ගමන් කෝච්චියේ ඉඳන්, බස් එකේ ඉඳන් යන ගමන් ඔයාලගේ නිකං ඉන්න වෙලාවෙන් කිසිම අවධානමක් ගන්නැතුව මුදලක් වියදම් කරන්නේ නැතුව ඉතාමත්ම පහසුවෙන් සල්ලි හොයන එක ක්‍රමයක් ගැන කියලා දෙන්නයි යන්නෙ. නමුත් ඔයාට ඩේටා වලට යම් මුදලක් යාවි. ඒක ඉතිං දරා ගන්න වෙනවා. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ. මේ වගේ තව ගොඩක් ක්‍රම වගේම ගොඩක් වෙබ් අඩවි තියෙනවා. මම කියල දෙන මේ වෙබ් අඩවිය ඉතාමත් විශ්වාසදායක වගේම ලංකාවෙ ගොඩක් දෙනෙක් මේක කරල සල්ලි withdraw කරගෙන තියෙනවා. සල්ලි ගෙන්න ගන්න එකත් හරිම පහසුයි. ඔයාගේ Visa debit card එකට හෝ credit card එකට පහසුවෙන්ම මුදල් ගෙන්ව ගන්න පුලුවන්. දැන් කියලා දෙන්නම් ඇත්තටම මේක කරන්නේ කොහොමද කියල. මම මේ ලිපිය යටින්ම link එක දාන්නම් ඔයාලට තියෙන්නෙ මේ link එක දිගේ ගිහින් අදාල සමාගමේ ලියාපදිංචි වෙන්නයි. ඔයාට මේකේ ලියා පදිංචි වෙන්න නම් Facebook හෝ Google ගිණුමක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. දැනටමත් ඔයාට Facebook හෝ Google ගිණුමක් නැත්නම් දැන්ම එකක් හදා ගන්න. දැන් අපිට තියෙන්නෙ වැඩේ කරගෙන යන්නයි. ඒත් ඊට කලින් අපි බලමු අපිට නිකන් සල්ලි දෙන්නේ ඇයි ...

Excel මුල සිට සරලව - 2

මෙම පාඩම් මාලාවේ පළමු පාඩම ඔබ මේ වන තුරු බලා නැත්නම්, මෙය කියවීමට පෙර එම පාඩම කියවන ලෙස ඉල්ලමි. Excel මෘදුකාංගයෙහි ඇති ප්‍රධානතම පහසුකම වනුයේ ගණිතමය අගයන් භාවිත කොට පිළිතුරු ලබාගැනීමේ හැකියාවයි. ඒ සඳහා බොහෝ විට භාවිත කරනුයේ Formula ය. Formula යනු අපගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඕනෑම ආකාරයකට ඕනෑම ගණිත කර්මයක් යොදා සකස් කරන සමීකරණයි. Excel හිදී ගණිත කර්ම සඳහා පහත සංකේත යොදාගනු ලබයි. 1)  එකතු කිරීම සඳහා                    + 2)  අඩු කිරීම සඳහා                         - 3) ⁣ බෙදීම සඳහා                               / 4)  වැඩි කිරීම සඳහා                       * 5)  බලයක් ලබා ගැනීම සඳහා      ^ 6)  එසේම වරහන් ලකුණු ( ) භාවිතා කොට සමීකරණයක් ඕනෑම ආකාරයකට සකසා ගත හැකි වේ. තවද, සමීකරණ ...

Excel මුල සිට සරලව - 01

Excel මෘදුකාංගයෙහි ඇති පහසුකම් පිළිබඳව මුල සිට සරලව හඳුනාගැනීම මෙම ලිපියෙහි මූලික අරමුණ වේ.පරිගණකය භාවිතය පිළිබඳ මූලික දැනුම ඔබ සතුව ඇතැයි සිතා මෙම ලිපි පෙල සකස් කරමි. Excel work book එකක් විවෘත කරගත් පසු F12 යතුර මගින් පරිගණකයේ ඔබට කැමති තැනක ගබඩා කරගත හැකිය.ඉන්පසුව කරන වෙනස් කම් එහිම ගබඩා කිරීම සඳහා ctrl සහ s යතුරු දෙක එකවර තද කිරීමෙන් කළ හැකිය. Cell හඳුන්වාදීම. Excel මෘදුකාංගයෙහි සිරස් අක්ෂ  A,B,C,D,.... ලෙස ඉංග්‍රීසි අක්ෂරයන්ගෙන් නම් යොදා ඇති අතර මේවා Columns ලෙසත්, තිරස් අක්ෂ 1,2,3,4,... ආදී ලෙස නම් යොදා ඇති අතර මේවා Rows ලෙස හැඳින්වේ. Excel වල columns 256 ක් සහ rows 65655 ක් ඇති අතර එසේ සෑදුනු එක්  කොලයක් work sheet එකක් ලෙසත් work sheet කිහිපයකින් යුත් ගොනුවක් work book එකක් ලෙසත් හැඳින්වේ. Cell නම් කිරීම. Cell නම් කරනු ලබන්නේ cell එකට අදාළ column හි අක්ෂරය සහ row හි අංකය යෙදීමෙනි. උදා :- A1, A2,B1,B2,C1,C2,.... Cell කීපයකින් යුත් ප්‍රදේශයක් හඳුන්වනු ලබන්නේ තෝරාගත් ප්‍රදේශයේ වම් පස ඉහල කෙලවරෙහි cell එක සහ දකුණු පස පහල කෙලවරෙහි cell එක ලියා ඒ අතර...

Youtube වලින් video download කරගන්නා ක්‍රම 02 ක්.

ඔබ ජංගම දුරකතනයක් භාවිතා කරන්නේ නම් Youtube app එක විවෘත කරගෙන එය නැරඹීමේ මුහුණතට යන්න.එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයට රවුම් කර ඇති ස්ථානය ක්ලික් කිරීමෙන් Youtube app එක තුල එය save වේවි.එවිට පසු අවස්තාවක data නොමැතිය එය නැරඹිය හැකි වේවි. එසේ නොමැති නම්, browser එකෙන් www.youtube.com වෙත ගොස් ඔබට download කරගැනී⁣මට අවශ්‍ය video එකෙහි නැරඹුම් මුහුණතට ගොස් youtube යන වචනයට පෙර ss යන අකුරු යොදා enter කරන්න.(www.ssyoutube.com....) ඉන් පසුව ඔබව නව website එකකට යාවි.එම website එක මගින් එම video එක ඔබට කැමති format එකකින් download කර ගන්න. ඔබට මෙවැනි නවතම ලිපි බැලීමට අවශ්‍ය නම් මෙම blogsite එක subscribe කරන්න අමතක කරන්න එපා.

නොමිලේ ඔබගේ පෙම්වතා පෙම්වතිය ඉන්න තැන හොයා ගන්න.....

මේ සඳහාද gmail ගිණුමක් තිබීමෙන් එවෙලේ සිටින ස්ථානය පහසුවෙන් සොයා ගත හැකිය. මුලින්ම ඔබගේ දුරකතනයෙන් google maps වෙත යන්න.එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයෙන් රවුම් කර ඇති ස්ථානය ක්ලික් කරන්න. ඉන්පසුව පහත රූපයේ පරිදි, Location sharing මත ක්ලික් කරන්න. ඉන් පසුව, ඉහත රූපයේ පරිදි පැය කිහිපයකට හෝ ඔබ share off කරනතුරු හෝ ඔබගේ location එක තව අයෙකු සමග share කල හැක.1 හෝ 2 පරිදි කැමති ආකාරයකට තෝරා ගෙන select people මත ක්ලික් කරන්න. ඉන්පසුව ඉහත රූපයේ පරිදි share කිරීමට අවශ්‍ය අයගේ දුරකතන අංකය හෝ email address එක type කර share කරන්න.ඔබ සහ ඇය දෙදෙනාම gmail ගිණුම් හිමියන් නම් google map open කළ විගස ඔබ දෙදෙනාගේ location share වී තිබේවි. ඔබට අලුත්ම ලිපි පළවුනු විගස දැන ගැනීමට මෙම blog site එක subscribe කරන්න.

සිංහලෙන් excel ඉගෙන ගනිමු - 4 (If භාවිතය)

මේ යම් විභාගයක සමත් සහ අසමත් අය තෝරා ගැනීමට 'If' භාවිතා කරන ආකාරයයි. =If(A2<35,''Fail'',''Pass'') ඉහත දක්වා ඇත්තේ මෙම සමීකරණයෙහි සරලම ආකාරය වේ. මෙහිදී මුලින්ම = ලකුණ යොදා ඊට පසු If ඊට පසු වරහන් තුළ මුලින්ම තර්කය, එනම්, A2<35 (A2 හි අගය 35 ට අඩුනම් යන්න මෙහි අදහස වේ.) ඉන් පසුව තර්කයට අනුකූල වේ නම් සටහන් විය යුත්ත. එනම් Fail . ඉන්පසුව එසේ නොවේ නම් සටහන් විය යුත්ත. එනම් Pass. ඇතැම් විට දත්ත ඇතුලත් කිරීමේදී ලකුණු 100 ට වැඩි සහ 0 ට අඩු එනම් සෘණ ලකුණු ඇතුලත් විය හැකිය. එවිට එවැනි වරදවල්ද If භාවිතා කිරීමේදී හඳුනාගත හැකි පරිදි සමීකරණ ලිවිය හැකිය. එලෙස එවැනි වරදවල්ද හඳුනාගත හැකි පරිදි සකස් කල Formula එක පහත දැක්වේ. =If(A2<0,''Error'',If(A2,<35,''Fail'',If(A2<100,''Pass","Error"))) මෙහි If යන්න ස්ථාන තුනකදී යොදනු ලැබේ.එනම් මෙම තනි Formula එක සකස් කර ඇත්තේ Formula 03ක් එකට එකතු කිරීමෙනි. එනම්, (1) =If(A2<0,"Error","") (2) =If(A2<35,...

Excel පාඩම් මාලාව.

Excel දන්න අයගෙ දැනුම ටිකක් පොලිෂ් කරල ගන්නයි, නොදන්න අයට මුල ඉඳන්ම කියල දෙන්නයි ඕන විදියට තමයි මම මේ පාඩම් සකස් කරල තියෙන්නෙ. නොදන්න කෙනෙක් වුනත් මුල ඉඳන්ම පාඩම් ටික බලන්න.දැන් ඔයාට නොතේරුනා වෙන්න පුළුවන්.ඒත් පස්සෙ ඔයාට ඒ හැම එකක්ම තේරෙයි.අපි Excel දන්නව නම් අපේ කාර්යාලෙ, ගෙදර දොර ගොඩක් වැඩ පහසුවෙන්, ඉක්මනට වගේම 100%ක් නිවැරදිව කර ගන්න පුළුවන්.අපි මේව ඉගෙන ගෙන අභ්‍යාස ටිකකුත් කලාම excel expert කෙනෙක් වෙන්න පුළුවන්.තර්කානුකූලව හිතීම විතරයි මේකෙදි අවශ්‍ය වෙන්නෙ.තර්කානුකූලව අපිට හිතන්න පුළුවන් නම් excel easy. මුලින්ම ලොකුවට වගේ පෙනුනට චුට්ටක්වත් බය වෙන්න එපා.ඒ වගේම තමයි ඕව මොනවද අපි දන්නවා ඕව කියල සමහරුන්ට හිතෙන්න පුළුවන්.ඒත් මේ පාඩම් වල අන්තිමට ගියාම මේ අපි මුලින්ම ඉගෙන ගන්න සරල දේවල් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල ඔයාලට තේරෙයි. එහෙනම් ඔයාල හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මං අළුතෙන් පාඩමක් දැම්ම ගමන් දැනගන්න පුළුවන් වෙන්න මේ blog site එක follow කරන්න. Excel ගැන ටිකක් දන්න අයට මුලින්ම මං පාඩම් කීපයක් ගේනවා. ඊට පස්සෙ මුල ඉඳන්ම ඉතාමත්ම සරලව සියළු පාඩම් ගේනවා.මුලින්ම excel වල ඉතාම ...

සරල සමීකරණ - 2 (8 වසර ගණිත)

සරල සමීකරණ - 2 (8 වසර ගණිතය) මෙහි පළමු පාඩමෙන් සරල සමීකරණ විසඳන ආකාරය ගැන සාකඡ්චා කලෙමු. එම මතකය නැවත ආවර්ජනය කිරීමට මෙම පාඩමට පෙර එය කියවා සිටීම වැදගත් වේවි. ඒ නිසා දැන් අපිට ඕනෑම සරල සමීකරණයක් විසඳන්න පුළුවන්. මේ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රායෝගික ලෙස සරල සමීකරණයක් ගොඩ නගාගෙන එය විසඳීමට හැකියාව ලබා ගැනීමයි.ඒ සඳහා අපි උදාහරණ ගෙන බලමු. 01) සමචතුරස්‍රයක පරිමිතිය 28 cm නම් පැත්තක දිග කොපමණද? * සමචතුරස්‍රයක පාද 4ම එක සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X+X= 28 4X= 28 4X/4 = 28/4 X= 7cm// 02) සමපාද ත්‍රිකෝණයක පරිමිතිය 33cm නම් එක් පාදයක දිග සොයන්න. *සමපාද ත්‍රිකෝණයේ පාද තුනම දිගින් සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X =33 3X = 33 3X/3=33/3 X = 11 cm// 03) සෘජු කෝණාස්‍රයක දිග , පළල මෙන් දෙගුණයකි. එහි පරිමිතිය 42 cm වේ.එහි දිග සහ පළල සොයන්න. * සෘජුකෝණාස්‍රයේ පළල X ලෙස ගනිමු. එවිට එහි දිග = 2X එවිට පරිමිතිය, X+X+2X+2X = 42 6X = 42 6X/6 = 42/6 X = 7 cm එම නිසා, පළල = 7cm සහ දිග = 14 cm ද වේ. 04) ...

Google Drive යනු කුමක්ද?

බොහෝ දෙනෙකු තමන්ගේ ජංගම දුරකතනයේ ඇති  Google Drive භාවිතා කරන්නේ කෙසේදැයි නොදන්නවා විය හැකිය. එලෙස නොදන්නා අය සඳහා මෙම ලිපිය ඉදිරිපත් කරමි. මේ සඳහාඳ gmail account එකක් තිබීම අනිවාර්ය වේ. තවමත් ඔබට gmail ගිණුමක් නැත්නම් දැන්ම www.gmail.com වෙත පිවිස ගිණුමක් විවෘත කර ගන්න. ඉන් පසුව එම ගිණුම මගින් ඔබේ ජංගම දුරකතනයේ ඇති Google Drive වෙත පිවිසෙන්න. ඉන් පසුව එහි ඇති පහසුකම් භාවිතා කරමින් ඔබගේ ඕනෑම ලිපිගොනුවක් Google Drive තුල save කරගත හැකිය. Google සමාගම විසින් ඔබට නොමිලයේ 15GB දක්වා දත්ත ප්‍රමාණයක් Save කරගත හැකිය.එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ නම් තමන්ට අවශ්‍ය data ප්‍රමාණය මුදල් ගෙවීමෙන් ලබාගත හැකිය.ඕනෑම ජංගම දුරකතනය මගින් පමණක් නොව පරිගණකයෙන්ද මේ සඳහා පිවිසිය හැකිය. ඔබගේ දුරකතනයට කුමක් වූවත් ඔබගේ දත්ත ආරක්ෂිතව ගබඩා වී ඇත.

සිංහලෙන් Excel ඉගෙන ගනිමු - 3

ඉහත උදාහරණය පැහැදිලි කර ගන්න.  Left  යම් cell එකක වම් පස සිට යම් අකුරු ප්‍රමාණයක් තෝරා ගැනීමට අවශ්‍ය නම්  මෙම formula එක භාවිතා කරනු ලබයි. මෙහිදී පළමුව = ලකුණ ඉන්පසුව තේරීමට  අවශ්‍ය වචනය හෝ cell එක ඉන්පසුව තෝරා ගැනීමට අවශ්‍ය අකුරු ගණන සටහන්  කරන්න.මේවා අතරට “,” ලකුණ යොදන්න.  Right  යම් cell එකක දකුණු පස සිට යම් අකුරු ප්‍රමාණයක් තෝරා ගැනීමට අවශ්‍ය නම්  මෙම formula එක භාවිතා කරනු ලබයි. මෙහිදී පළමුව = ලකුණ ඉන්පසුව තේරීමට  අවශ්‍ය වචනය හෝ cell එක ඉන්පසුව තෝරා ගැනීමට අවශ්‍ය අකුරු ගණන සටහන්  කරන්න.මේවා අතරට “,” ලකුණ යොදන්න.  Mid  යම් cell එකක මැද සිට යම් අකුරු ප්‍රමාණයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් මෙම  formula එක භාවිතා කරනු ලබයි. මෙහිදී පළමුව = ලකුණ ඉන්පසුව තේරීමට අවශ්‍ය  වචනය හෝ cell එක ඉන්පසුව වම්පස සිට කීවෙනි අකුරේ සිටද යන්න සහ ඉන්පසුව  තෝරා ගැනීමට අවශ්‍ය අකුරු ගණන සටහන් කරන්න.මේවා අතරට “,” ලකුණ යොදන්න. 

ඔබගේ නැතිවුන android දුරකතනය සොයා ගන්නේ මෙහෙමයි.

මේ සඳහා මුලින්ම ඔබට gmail ගිණුමක් තිබිය යුතුය. තාමත් ඔබට gmail ගිණුමක් නැත්නම් www.gmail.com වෙත පැමිණ ගිණුමක් විවෘත කරගන්න. ගිණුම විවෘත කරගත් පසු www.google.com වෙත පැමිණ where is my phone ලෙස ටයිප් කර සර්ච් කරන්න. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ ඔබේ නැති වූ ජංගම දුරකතනයේ location සහ data ඔන් කර තිබිය යුතුය. මෙහිදී ඔබගේ නැති වූ දුරකතනය තිබෙන ස්ථානය සිතියම මගින් පෙන්වනවා පමණක් නොව දුරකතනයෙහි රින්ග්ස් යැවීමටත් පුළුවන. එය සයිලන්ට් කිරීමට නම් off කරන ස්විචය ඔබාගෙන සිටිය යුතුය.තවදුරටත් අවශ්‍ය නම් දුරකතනයේ ඇති දත්ත මැකීමට හෝ මුරපදයක් ඇතුලත් කිරීමටත් පුළුවන්. gmail ගිණුමක් තිබීමෙන් තවත් බොහෝ දේවල් කල හැකිය. ඒවා එකින් එක ඉදිරියේදී කියා දෙන්නම්.ඒවා දැමූ විගස ඔබට දැනගැනීමට මෙම blogsite එක follow කරන්න.

Excel සිංහලෙන් ඉගෙන ගනිමු - 2

Upper : වචනයක සියළුම අකුරු කැපිටල් කිරීමට. Lower : වචනයක සියළුම අකුරු සිම්පල් කිරීමට. Proper : වචනයක් ලියන සාමාන්‍ය ආකාරයෙන් ලිවීම (මුල් අකුර කැපිටල් සහ අනිත් අකුරු සිම්පල්). Trim : වචනයක හිස්තැන් එකකට වැඩි ගණනක් තබා ඇති විට එක් හිස්තැනක් බවට පත් කිරීමට.

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.