Skip to main content

Excel මුල සිට සරලව - 01

Excel මෘදුකාංගයෙහි ඇති පහසුකම් පිළිබඳව මුල සිට සරලව හඳුනාගැනීම මෙම ලිපියෙහි මූලික අරමුණ වේ.පරිගණකය භාවිතය පිළිබඳ මූලික දැනුම ඔබ සතුව ඇතැයි සිතා මෙම ලිපි පෙල සකස් කරමි.
Excel work book එකක් විවෘත කරගත් පසු F12 යතුර මගින් පරිගණකයේ ඔබට කැමති තැනක ගබඩා කරගත හැකිය.ඉන්පසුව කරන වෙනස් කම් එහිම ගබඩා කිරීම සඳහා ctrl සහ s යතුරු දෙක එකවර තද කිරීමෙන් කළ හැකිය.

Cell හඳුන්වාදීම.
Excel මෘදුකාංගයෙහි සිරස් අක්ෂ  A,B,C,D,.... ලෙස ඉංග්‍රීසි අක්ෂරයන්ගෙන් නම් යොදා ඇති අතර මේවා Columns ලෙසත්, තිරස් අක්ෂ 1,2,3,4,... ආදී ලෙස නම් යොදා ඇති අතර මේවා Rows ලෙස හැඳින්වේ.
Excel වල columns 256 ක් සහ rows 65655 ක් ඇති අතර එසේ සෑදුනු එක්  කොලයක් work sheet එකක් ලෙසත් work sheet කිහිපයකින් යුත් ගොනුවක් work book එකක් ලෙසත් හැඳින්වේ.


Cell නම් කිරීම.

Cell නම් කරනු ලබන්නේ cell එකට අදාළ column හි අක්ෂරය සහ row හි අංකය යෙදීමෙනි.
උදා :- A1, A2,B1,B2,C1,C2,....
Cell කීපයකින් යුත් ප්‍රදේශයක් හඳුන්වනු ලබන්නේ තෝරාගත් ප්‍රදේශයේ වම් පස ඉහල කෙලවරෙහි cell එක සහ දකුණු පස පහල කෙලවරෙහි cell එක ලියා ඒ අතරට තිත් දෙකක් (:) යෙදීමෙනි.
උදා :- A2:C8, A3:F7,......

දත්ත වර්ග හඳුනා ගැනීම.
Text :- අක්ෂර වලින් පමණක් හෝ අක්ෂර, සං⁣ක්ත සහ ඉලක්කම් භාවිත කර සක් කරන දත්ත Tex වර්ගයේ දත්ත ලෙස හැඳුන්වයි. මෙවැනි දත්තයක් cell එකකට ඇතුලත් කළ විගස එය වම් පසට වන්නට දර්ශනය වේ.
උදා :- පුදගලයෙකුගේ නම ( sumedha, sepalika), ජාතික හැඳුනුම්පත් අංකය (881934567V),

Numeric :- සංඛ්‍යාත්මක වටිනාකමක් සහිත දත්ත මෙලෙස හැඳින්වේ. මෙවැනි දත්තයක් cell එකකට ඇතුලත් කළ විගස එය දකුණු පසට වන්නට දර්ශනය වේ.
Excel හි දත්ත ඇතුලත් කිරීමේදී කල්පනාකාරීව අපට තොරතුරු විශ්ලේශණය කළ හැකි පරිදි දත්ත ඇතුලත් කළ යුතුය. උදාහරණ ලෙස උස,බර වැනි දත්ත ඇතුලත් කිරීමේදී එය ඒකකය සමග ඇතුලත් කලහොත් (153cm, 56kg ලෙස) එම දත්ත text වර්ගයේ බැවින් අපට ඒ මගින් තොරතුරු සකස් කිරීම අපහසු වනු ඇත. එබැවින් එවැනි අවස්තා වලදී මිනුම් ඒකකය නොමැතිව ඇතුලත් කල යුතුය.

මුලික දත්ත වර්ග 02 මේවා වන අතර ඊට අමතරව දින,ප්‍රතිශත ආදී ලෙසද දත්ත වර්ග ඇත.ඒවා භාවිතයේදී පැහැදිලි කර ගනිමු.


Row, Columns වෙනස් කිරීම.

අප excel මෘදුකාංගයට දත්ත ඇතුලත් කර ඇති අවස්තාවක row සහ columns අලුතෙන් ඇති කිරීම, මැකීම සහ සැඟවීම සඳහා row එකක් නම් එම row එකෙහි අංකය මතද column එකක නම් එම column එකෙහි අක්ෂරය මතද right click කර එහිදී ලැබෙන popup මෙනු එකෙන් අවශ්‍ය පරිදි කල හැකිය.

Columns හි දිග ප්‍රමාණය වැඩි කිරීම සඳහා columns දෙකක් එකතු වන ස්ථානය වෙත mouse තුඩ රැගෙන විත් mouse හි වම් පස බොත්තම තදකොටගෙන දකුණු පසට ඇදගෙන යාමෙන් colomns එකෙහි දිග ප්‍රමාණය වැඩි කළ හැකිය.එසේම row එකෙහි උස ප්‍රමාණය වැඩි කිරීමට row දෙකක් සම්බන්ධ වන ස්ථානය භාවිතා කළ හැකිය. Columns කිහිපයක් සමාන දිගින් දැක්වීම සඳහා එම සියළු columns, mouse එක මගින් තෝරාගෙන අනතුරුව columns දෙකක් එකතු වන ස්ථානය වෙත පැමිණ අවශ්‍ය දිග ප්‍රමාණය සකස් කල පසු තෝරාගත් සියළු columns එම ප්‍රමාණයට සකස් වේ. මෙලෙසම rows කිහිපයක උසද එකම ප්‍රමාණයට සකසා ගත හැකි වේ.



මේ ලිපිය මගින් ඔබවෙත ගෙන ආවේ excel සරලව මුල සිට ලිපි පෙළෙහි පළමු ලිපියයි. මෙහි දෙවන ලිපිය ළඟදීම බලාපොරොත්තු වන්න.

Comments

Popular posts from this blog

සරල සමීකරණ - 2 (8 වසර ගණිත)

සරල සමීකරණ - 2 (8 වසර ගණිතය) මෙහි පළමු පාඩමෙන් සරල සමීකරණ විසඳන ආකාරය ගැන සාකඡ්චා කලෙමු. එම මතකය නැවත ආවර්ජනය කිරීමට මෙම පාඩමට පෙර එය කියවා සිටීම වැදගත් වේවි. ඒ නිසා දැන් අපිට ඕනෑම සරල සමීකරණයක් විසඳන්න පුළුවන්. මේ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රායෝගික ලෙස සරල සමීකරණයක් ගොඩ නගාගෙන එය විසඳීමට හැකියාව ලබා ගැනීමයි.ඒ සඳහා අපි උදාහරණ ගෙන බලමු. 01) සමචතුරස්‍රයක පරිමිතිය 28 cm නම් පැත්තක දිග කොපමණද? * සමචතුරස්‍රයක පාද 4ම එක සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X+X= 28 4X= 28 4X/4 = 28/4 X= 7cm// 02) සමපාද ත්‍රිකෝණයක පරිමිතිය 33cm නම් එක් පාදයක දිග සොයන්න. *සමපාද ත්‍රිකෝණයේ පාද තුනම දිගින් සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X =33 3X = 33 3X/3=33/3 X = 11 cm// 03) සෘජු කෝණාස්‍රයක දිග , පළල මෙන් දෙගුණයකි. එහි පරිමිතිය 42 cm වේ.එහි දිග සහ පළල සොයන්න. * සෘජුකෝණාස්‍රයේ පළල X ලෙස ගනිමු. එවිට එහි දිග = 2X එවිට පරිමිතිය, X+X+2X+2X = 42 6X = 42 6X/6 = 42/6 X = 7 cm එම නිසා, පළල = 7cm සහ දිග = 14 cm ද වේ. 04)

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.

Excel මුල සිට සරලව - 2

මෙම පාඩම් මාලාවේ පළමු පාඩම ඔබ මේ වන තුරු බලා නැත්නම්, මෙය කියවීමට පෙර එම පාඩම කියවන ලෙස ඉල්ලමි. Excel මෘදුකාංගයෙහි ඇති ප්‍රධානතම පහසුකම වනුයේ ගණිතමය අගයන් භාවිත කොට පිළිතුරු ලබාගැනීමේ හැකියාවයි. ඒ සඳහා බොහෝ විට භාවිත කරනුයේ Formula ය. Formula යනු අපගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඕනෑම ආකාරයකට ඕනෑම ගණිත කර්මයක් යොදා සකස් කරන සමීකරණයි. Excel හිදී ගණිත කර්ම සඳහා පහත සංකේත යොදාගනු ලබයි. 1)  එකතු කිරීම සඳහා                    + 2)  අඩු කිරීම සඳහා                         - 3) ⁣ බෙදීම සඳහා                               / 4)  වැඩි කිරීම සඳහා                       * 5)  බලයක් ලබා ගැනීම සඳහා      ^ 6)  එසේම වරහන් ලකුණු ( ) භාවිතා කොට සමීකරණයක් ඕනෑම ආකාරයකට සකසා ගත හැකි වේ. තවද, සමීකරණ ලිවීමේදී පහත කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. 1)  Excel වලදී සමීකරණයක් සකසා ගැනීමේදී එය ආරම්භ කරනුයේ අනිවාර්⁣යයෙන්ම සමාන කිරීමේ ලකුණකිනි. 2)  සමීකරණයක් සැකසීමේදී සෑම විටකම Cell ලිපිනයන් භාවිතා කිරීම කළ යුතුය. 3)  ඉහත 2 පරිදි අගයන් වෙනුවට Cell ලිපිනයන් භාවිතා කිරීම නිසා Cell වල ඇති අ