Skip to main content

Excel මුල සිට සරලව - 2


මෙම පාඩම් මාලාවේ පළමු පාඩම ඔබ මේ වන තුරු බලා නැත්නම්, මෙය කියවීමට පෙර එම පාඩම කියවන ලෙස ඉල්ලමි.
Excel මෘදුකාංගයෙහි ඇති ප්‍රධානතම පහසුකම වනුයේ ගණිතමය අගයන් භාවිත කොට පිළිතුරු ලබාගැනීමේ හැකියාවයි. ඒ සඳහා බොහෝ විට භාවිත කරනුයේ Formula ය. Formula යනු අපගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඕනෑම ආකාරයකට ඕනෑම ගණිත කර්මයක් යොදා සකස් කරන සමීකරණයි.
Excel හිදී ගණිත කර්ම සඳහා පහත සංකේත යොදාගනු ලබයි.
1)  එකතු කිරීම සඳහා                    +
2)  අඩු කිරීම සඳහා                         -
3) ⁣ බෙදීම සඳහා                               /
4)  වැඩි කිරීම සඳහා                       *
5)  බලයක් ලබා ගැනීම සඳහා      ^
6)  එසේම වරහන් ලකුණු ( ) භාවිතා කොට සමීකරණයක් ඕනෑම ආකාරයකට සකසා ගත හැකි වේ.

තවද, සමීකරණ ලිවීමේදී පහත කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න.
1)  Excel වලදී සමීකරණයක් සකසා ගැනීමේදී එය ආරම්භ කරනුයේ අනිවාර්⁣යයෙන්ම සමාන කිරීමේ ලකුණකිනි.
2)  සමීකරණයක් සැකසීමේදී සෑම විටකම Cell ලිපිනයන් භාවිතා කිරීම කළ යුතුය.
3)  ඉහත 2 පරිදි අගයන් වෙනුවට Cell ලිපිනයන් භාවිතා කිරීම නිසා Cell වල ඇති අගයන් වෙනස් කළ සැනින් සමීකරණය අදාළ Cell එකෙහි ඇති අගයද වෙනස් වේ.

දැන් අපි පහත උදාහරණය බලමු.
එක්තරා ආයතනයක වැටුප් ගෙවීමට අදාළ Excel පත්‍රිකාව පහත පරිදි වේයැයි සිතමු.
Column A  - නම
Column B  - මූලික වැටුප
Column C  - OT පැය ගණන
Column D  - OT පැයකට ගෙවන මුදල *
Column E  - OT සඳහා මුදල *
Column F  - දළ වැටුප *
Column G  - EPF *
Column H  - වෙනත් අඩුකිරීම්
Column I    - අඩු කිරීම් වල එකතුව *
Column J  - ශුද්ධ වැටුප *
ඉහත තොරතුරු පරිදි වැටුප් පත්‍රිකාවේ පළමු නම සඳහන් තැනැත්තාගේ  (එනම් 2 වන row එකෙහි) වැටුප සකස් කිරීමේදී යොදාගතහැකි Formula පිළිබඳව පැහැදිලි කර ගනිමු.
ඉහත * ලකුණ යොදා ඇති ස්ථාන සඳහා අපට Formula යොදාගත හැකිය.
Column D සඳහා,
මෙහිදී අපි OT පැයක ගෙවීම, පැයක සාමාන්‍ය ගෙවීම මෙන් 1.5 ගුණයක් යැයි සිතමු.
එවිට Column D සඳහා සමීකරණය-->
=B2/30/8*1.5
එවිට Column E සඳහා -->
=C2*D2
ඉන් පසු Column F සඳහා -->
=B2+E2
එලෙසම අනෙකුත් සමීකරණ පහත පරිදි සකස් කළ හැකිය.
Column G -->
=B2*12%
Column I -->
=G2+H2
Column J -->
=B2+E2-I2 හෝ
=F2-I2

ඉහත පරිදි අපට ඉතාමත් පහසුවෙන් සියළු ගණිත කර්ම 100% ක් නිවැරදිව කරගත හැකි බව පෙනී යයි.
සමීකරණ පිළබඳ මූලික ඉගැන්වීම සඳහා ඉහත උදාහරණය ගතිමි. තවදුරටත් මේ පිළිබඳව ඉදිරි පාඩම් සමග සංකීර්ණ උදාහරණ සාකච්ඡා කරමු.

Formula පිටපත් කිරීම.
ඉහත උදාහරණයේදී අපි එක් Cell එකක පමණක් Formula එක ලියුවෙමු.එලෙස සියල්ලන්ගේ වැටුප් සකස් කිරීම සඳහා ඒ සියළු Cell වල Formula ලිවීම අවශ්‍ය නැත. ඒ සඳහා Formula පිටපත් කිරීම නම් පහසුකම භාවිතා කළ හැකිය.
අප විසින් Formula එකක් සටහන් කිරීමෙන් අනතුරුව Enter යතුර තෝරාගැනීමෙන් අපට එමගින් ලැබෙන පිළිතුර ලැබේ. මෙසේ පිළිතුර ලබා ගැනීමෙන් අනතුරුව Mouse තුඩ එම Cell එකෙහි දකුණු පස පහතින් දැක්වෙන කොටුවක් හැඩැති ස්ථානය වෙත ගෙන ආ පසුව left click කර පහලට ඇදීමෙන්  Formula එක පහත කොටු වලට පිටපත් කර ගත හැකිය. මෙසේ Formula පිටපත් කිරීමේදී Cell ලිපිනයන් වෙනස් වීම හේතුවෙන් අපට ක්ෂණිකව පිළිතුරු ලබා ගැනීමේ හැකියාව ඇත. මෙය එක්තරා පහසුකමක් වේ. නමුත් ඇතැම් අවස්තාවල මෙම හේතුව නිසා ඇතැම් පිළිතුරු ලබා ගැනීමට හැකියාව නොලැබේ.එවැනි අවස්තා පිළිබඳව ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කරනු ලැබේ.

Comments

Popular posts from this blog

සිංහලෙන් excel ඉගෙන ගනිමු - 4 (If භාවිතය)

මේ යම් විභාගයක සමත් සහ අසමත් අය තෝරා ගැනීමට 'If' භාවිතා කරන ආකාරයයි. =If(A2<35,''Fail'',''Pass'') ඉහත දක්වා ඇත්තේ මෙම සමීකරණයෙහි සරලම ආකාරය වේ. මෙහිදී මුලින්ම = ලකුණ යොදා ඊට පසු If ඊට පසු වරහන් තුළ මුලින්ම තර්කය, එනම්, A2<35 (A2 හි අගය 35 ට අඩුනම් යන්න මෙහි අදහස වේ.) ඉන් පසුව තර්කයට අනුකූල වේ නම් සටහන් විය යුත්ත. එනම් Fail . ඉන්පසුව එසේ නොවේ නම් සටහන් විය යුත්ත. එනම් Pass. ඇතැම් විට දත්ත ඇතුලත් කිරීමේදී ලකුණු 100 ට වැඩි සහ 0 ට අඩු එනම් සෘණ ලකුණු ඇතුලත් විය හැකිය. එවිට එවැනි වරදවල්ද If භාවිතා කිරීමේදී හඳුනාගත හැකි පරිදි සමීකරණ ලිවිය හැකිය. එලෙස එවැනි වරදවල්ද හඳුනාගත හැකි පරිදි සකස් කල Formula එක පහත දැක්වේ. =If(A2<0,''Error'',If(A2,<35,''Fail'',If(A2<100,''Pass","Error"))) මෙහි If යන්න ස්ථාන තුනකදී යොදනු ලැබේ.එනම් මෙම තනි Formula එක සකස් කර ඇත්තේ Formula 03ක් එකට එකතු කිරීමෙනි. එනම්, (1) =If(A2<0,"Error","") (2) =If(A2<35,...

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.

Youtube වලින් video download කරගන්නා ක්‍රම 02 ක්.

ඔබ ජංගම දුරකතනයක් භාවිතා කරන්නේ නම් Youtube app එක විවෘත කරගෙන එය නැරඹීමේ මුහුණතට යන්න.එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයට රවුම් කර ඇති ස්ථානය ක්ලික් කිරීමෙන් Youtube app එක තුල එය save වේවි.එවිට පසු අවස්තාවක data නොමැතිය එය නැරඹිය හැකි වේවි. එසේ නොමැති නම්, browser එකෙන් www.youtube.com වෙත ගොස් ඔබට download කරගැනී⁣මට අවශ්‍ය video එකෙහි නැරඹුම් මුහුණතට ගොස් youtube යන වචනයට පෙර ss යන අකුරු යොදා enter කරන්න.(www.ssyoutube.com....) ඉන් පසුව ඔබව නව website එකකට යාවි.එම website එක මගින් එම video එක ඔබට කැමති format එකකින් download කර ගන්න. ඔබට මෙවැනි නවතම ලිපි බැලීමට අවශ්‍ය නම් මෙම blogsite එක subscribe කරන්න අමතක කරන්න එපා.