Excel දන්න අයගෙ දැනුම ටිකක් පොලිෂ් කරල ගන්නයි, නොදන්න අයට මුල ඉඳන්ම කියල දෙන්නයි ඕන විදියට තමයි මම මේ පාඩම් සකස් කරල තියෙන්නෙ. නොදන්න කෙනෙක් වුනත් මුල ඉඳන්ම පාඩම් ටික බලන්න.දැන් ඔයාට නොතේරුනා වෙන්න පුළුවන්.ඒත් පස්සෙ ඔයාට ඒ හැම එකක්ම තේරෙයි.අපි Excel දන්නව නම් අපේ කාර්යාලෙ, ගෙදර දොර ගොඩක් වැඩ පහසුවෙන්, ඉක්මනට වගේම 100%ක් නිවැරදිව කර ගන්න පුළුවන්.අපි මේව ඉගෙන ගෙන අභ්‍යාස ටිකකුත් කලාම excel expert කෙනෙක් වෙන්න පුළුවන්.තර්කානුකූලව හිතීම විතරයි මේකෙදි අවශ්‍ය වෙන්නෙ.තර්කානුකූලව අපිට හිතන්න පුළුවන් නම් excel easy. මුලින්ම ලොකුවට වගේ පෙනුනට චුට්ටක්වත් බය වෙන්න එපා.ඒ වගේම තමයි ඕව මොනවද අපි දන්නවා ඕව කියල සමහරුන්ට හිතෙන්න පුළුවන්.ඒත් මේ පාඩම් වල අන්තිමට ගියාම මේ අපි මුලින්ම ඉගෙන ගන්න සරල දේවල් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල ඔයාලට තේරෙයි. එහෙනම් ඔයාල හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මං අළුතෙන් පාඩමක් දැම්ම ගමන් දැනගන්න පුළුවන් වෙන්න මේ blog site එක follow කරන්න. Excel ගැන ටිකක් දන්න අයට මුලින්ම මං පාඩම් කීපයක් ගේනවා. ඊට පස්සෙ මුල ඉඳන්ම ඉතාමත්ම සරලව සියළු පාඩම් ගේනවා.මුලින්ම excel වල ඉතාම වැදගත් දෙයක් වන Formula ගැන කියල දෙන්නම්. හෙට (2018.06.04) if කියන formula එක භාවිතා කරන හැටි කියල දෙනවා. If කියන්නෙ ගොඩක් දේවල් වලට ඕන වෙන formula එකක්.එහෙනම් අපි හෙට අලුත් පාඩමකින් හම්බවෙමු.
මේ යම් විභාගයක සමත් සහ අසමත් අය තෝරා ගැනීමට 'If' භාවිතා කරන ආකාරයයි. =If(A2<35,''Fail'',''Pass'') ඉහත දක්වා ඇත්තේ මෙම සමීකරණයෙහි සරලම ආකාරය වේ. මෙහිදී මුලින්ම = ලකුණ යොදා ඊට පසු If ඊට පසු වරහන් තුළ මුලින්ම තර්කය, එනම්, A2<35 (A2 හි අගය 35 ට අඩුනම් යන්න මෙහි අදහස වේ.) ඉන් පසුව තර්කයට අනුකූල වේ නම් සටහන් විය යුත්ත. එනම් Fail . ඉන්පසුව එසේ නොවේ නම් සටහන් විය යුත්ත. එනම් Pass. ඇතැම් විට දත්ත ඇතුලත් කිරීමේදී ලකුණු 100 ට වැඩි සහ 0 ට අඩු එනම් සෘණ ලකුණු ඇතුලත් විය හැකිය. එවිට එවැනි වරදවල්ද If භාවිතා කිරීමේදී හඳුනාගත හැකි පරිදි සමීකරණ ලිවිය හැකිය. එලෙස එවැනි වරදවල්ද හඳුනාගත හැකි පරිදි සකස් කල Formula එක පහත දැක්වේ. =If(A2<0,''Error'',If(A2,<35,''Fail'',If(A2<100,''Pass","Error"))) මෙහි If යන්න ස්ථාන තුනකදී යොදනු ලැබේ.එනම් මෙම තනි Formula එක සකස් කර ඇත්තේ Formula 03ක් එකට එකතු කිරීමෙනි. එනම්, (1) =If(A2<0,"Error","") (2) =If(A2<35,...
Comments
Post a Comment