Excel දන්න අයගෙ දැනුම ටිකක් පොලිෂ් කරල ගන්නයි, නොදන්න අයට මුල ඉඳන්ම කියල දෙන්නයි ඕන විදියට තමයි මම මේ පාඩම් සකස් කරල තියෙන්නෙ. නොදන්න කෙනෙක් වුනත් මුල ඉඳන්ම පාඩම් ටික බලන්න.දැන් ඔයාට නොතේරුනා වෙන්න පුළුවන්.ඒත් පස්සෙ ඔයාට ඒ හැම එකක්ම තේරෙයි.අපි Excel දන්නව නම් අපේ කාර්යාලෙ, ගෙදර දොර ගොඩක් වැඩ පහසුවෙන්, ඉක්මනට වගේම 100%ක් නිවැරදිව කර ගන්න පුළුවන්.අපි මේව ඉගෙන ගෙන අභ්‍යාස ටිකකුත් කලාම excel expert කෙනෙක් වෙන්න පුළුවන්.තර්කානුකූලව හිතීම විතරයි මේකෙදි අවශ්‍ය වෙන්නෙ.තර්කානුකූලව අපිට හිතන්න පුළුවන් නම් excel easy. මුලින්ම ලොකුවට වගේ පෙනුනට චුට්ටක්වත් බය වෙන්න එපා.ඒ වගේම තමයි ඕව මොනවද අපි දන්නවා ඕව කියල සමහරුන්ට හිතෙන්න පුළුවන්.ඒත් මේ පාඩම් වල අන්තිමට ගියාම මේ අපි මුලින්ම ඉගෙන ගන්න සරල දේවල් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල ඔයාලට තේරෙයි. එහෙනම් ඔයාල හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මං අළුතෙන් පාඩමක් දැම්ම ගමන් දැනගන්න පුළුවන් වෙන්න මේ blog site එක follow කරන්න. Excel ගැන ටිකක් දන්න අයට මුලින්ම මං පාඩම් කීපයක් ගේනවා. ඊට පස්සෙ මුල ඉඳන්ම ඉතාමත්ම සරලව සියළු පාඩම් ගේනවා.මුලින්ම excel වල ඉතාම වැදගත් දෙයක් වන Formula ගැන කියල දෙන්නම්. හෙට (2018.06.04) if කියන formula එක භාවිතා කරන හැටි කියල දෙනවා. If කියන්නෙ ගොඩක් දේවල් වලට ඕන වෙන formula එකක්.එහෙනම් අපි හෙට අලුත් පාඩමකින් හම්බවෙමු.
සරල සමීකරණ - 2 (8 වසර ගණිතය) මෙහි පළමු පාඩමෙන් සරල සමීකරණ විසඳන ආකාරය ගැන සාකඡ්චා කලෙමු. එම මතකය නැවත ආවර්ජනය කිරීමට මෙම පාඩමට පෙර එය කියවා සිටීම වැදගත් වේවි. ඒ නිසා දැන් අපිට ඕනෑම සරල සමීකරණයක් විසඳන්න පුළුවන්. මේ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රායෝගික ලෙස සරල සමීකරණයක් ගොඩ නගාගෙන එය විසඳීමට හැකියාව ලබා ගැනීමයි.ඒ සඳහා අපි උදාහරණ ගෙන බලමු. 01) සමචතුරස්‍රයක පරිමිතිය 28 cm නම් පැත්තක දිග කොපමණද? * සමචතුරස්‍රයක පාද 4ම එක සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X+X= 28 4X= 28 4X/4 = 28/4 X= 7cm// 02) සමපාද ත්‍රිකෝණයක පරිමිතිය 33cm නම් එක් පාදයක දිග සොයන්න. *සමපාද ත්‍රිකෝණයේ පාද තුනම දිගින් සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X =33 3X = 33 3X/3=33/3 X = 11 cm// 03) සෘජු කෝණාස්‍රයක දිග , පළල මෙන් දෙගුණයකි. එහි පරිමිතිය 42 cm වේ.එහි දිග සහ පළල සොයන්න. * සෘජුකෝණාස්‍රයේ පළල X ලෙස ගනිමු. එවිට එහි දිග = 2X එවිට පරිමිතිය, X+X+2X+2X = 42 6X = 42 6X/6 = 42/6 X = 7 cm එම නිසා, පළල = 7cm සහ දිග = 14 cm ද වේ. 04)
Comments
Post a Comment