Skip to main content

ඔබගේ නැතිවුන android දුරකතනය සොයා ගන්නේ මෙහෙමයි.

මේ සඳහා මුලින්ම ඔබට gmail ගිණුමක් තිබිය යුතුය. තාමත් ඔබට gmail ගිණුමක් නැත්නම් www.gmail.com වෙත පැමිණ ගිණුමක් විවෘත කරගන්න.

ගිණුම විවෘත කරගත් පසු www.google.com වෙත පැමිණ where is my phone ලෙස ටයිප් කර සර්ච් කරන්න.

නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ ඔබේ නැති වූ ජංගම දුරකතනයේ location සහ data ඔන් කර තිබිය යුතුය.

මෙහිදී ඔබගේ නැති වූ දුරකතනය තිබෙන ස්ථානය සිතියම මගින් පෙන්වනවා පමණක් නොව දුරකතනයෙහි රින්ග්ස් යැවීමටත් පුළුවන. එය සයිලන්ට් කිරීමට නම් off කරන ස්විචය ඔබාගෙන සිටිය යුතුය.තවදුරටත් අවශ්‍ය නම් දුරකතනයේ ඇති දත්ත මැකීමට හෝ මුරපදයක් ඇතුලත් කිරීමටත් පුළුවන්.

gmail ගිණුමක් තිබීමෙන් තවත් බොහෝ දේවල් කල හැකිය. ඒවා එකින් එක ඉදිරියේදී කියා දෙන්නම්.ඒවා දැමූ විගස ඔබට දැනගැනීමට මෙම blogsite එක follow කරන්න.


Comments