Skip to main content

සරල සමීකරණ - 2 (8 වසර ගණිත)

සරල සමීකරණ - 2 (8 වසර ගණිතය)

මෙහි පළමු පාඩමෙන් සරල සමීකරණ විසඳන ආකාරය ගැන සාකඡ්චා කලෙමු. එම මතකය නැවත ආවර්ජනය කිරීමට මෙම පාඩමට පෙර එය කියවා සිටීම වැදගත් වේවි.
ඒ නිසා දැන් අපිට ඕනෑම සරල සමීකරණයක් විසඳන්න පුළුවන්.
මේ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රායෝගික ලෙස සරල සමීකරණයක් ගොඩ නගාගෙන එය විසඳීමට හැකියාව ලබා ගැනීමයි.ඒ සඳහා අපි උදාහරණ ගෙන බලමු.

01) සමචතුරස්‍රයක පරිමිතිය 28 cm නම් පැත්තක දිග කොපමණද?

* සමචතුරස්‍රයක පාද 4ම එක සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු.
එවිට පරිමිතිය,
X+X+X+X= 28
4X= 28
4X/4 = 28/4
X= 7cm//

02) සමපාද ත්‍රිකෝණයක පරිමිතිය 33cm නම් එක් පාදයක දිග සොයන්න.

*සමපාද ත්‍රිකෝණයේ පාද තුනම දිගින් සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු.
එවිට පරිමිතිය,
X+X+X =33
3X = 33
3X/3=33/3
X = 11 cm//

03) සෘජු කෝණාස්‍රයක දිග , පළල මෙන් දෙගුණයකි. එහි පරිමිතිය 42 cm වේ.එහි දිග සහ පළල සොයන්න.

* සෘජුකෝණාස්‍රයේ පළල X ලෙස ගනිමු. එවිට එහි දිග = 2X
එවිට පරිමිතිය,
X+X+2X+2X = 42
6X = 42
6X/6 = 42/6
X = 7 cm
එම නිසා, පළල = 7cm සහ දිග = 14 cm ද වේ.


04) පුතෙකු තම පියාට වඩා අවුරුදු 20 කින් බාලය. තව අවුරුදු 5 කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයක් වේ. පියාගේ සහ පුතාගේ දැන් වයස සොයන්න.

* පුතාගේ දැන් වයස X ලෙස ගනිමු.
එවිට පියාගේ දැන් වයස X +20 වේ.
තව අවුරුදු 5 කින් පුතාගේ වයස  =
X + 5
තව අවුරුදු 5කින් පියාගේ වයස = X +20 + 5 = X +25
අවුරුදු 5 කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයක් නම්,
2(X + 5) = X +25 වේ
2X + 10 = X + 25
2X + 10 - X = X + 25 - X
X+10 = 25
X+10-10 = 25 - 10
X = 15
ඒ අනුව, පුතාගේ දැන් වයස = 15 සහ පියාගේ දැන් වයස = 35 වේ.

මේ ගැටළු පිළිබඳව ඔබට නොතේරෙන යමක් ඇත්නම් මෙහි කමෙන්ට් කරන්න.නැතිනම් lahirusampathk@gmail.com යන ලිපිනයට විද්‍යුත් තැපෑල මගින් යොමු කරන්න.

Comments

Post a Comment

Popular posts from this blog

සිංහලෙන් excel ඉගෙන ගනිමු - 4 (If භාවිතය)

මේ යම් විභාගයක සමත් සහ අසමත් අය තෝරා ගැනීමට 'If' භාවිතා කරන ආකාරයයි. =If(A2<35,''Fail'',''Pass'') ඉහත දක්වා ඇත්තේ මෙම සමීකරණයෙහි සරලම ආකාරය වේ. මෙහිදී මුලින්ම = ලකුණ යොදා ඊට පසු If ඊට පසු වරහන් තුළ මුලින්ම තර්කය, එනම්, A2<35 (A2 හි අගය 35 ට අඩුනම් යන්න මෙහි අදහස වේ.) ඉන් පසුව තර්කයට අනුකූල වේ නම් සටහන් විය යුත්ත. එනම් Fail . ඉන්පසුව එසේ නොවේ නම් සටහන් විය යුත්ත. එනම් Pass. ඇතැම් විට දත්ත ඇතුලත් කිරීමේදී ලකුණු 100 ට වැඩි සහ 0 ට අඩු එනම් සෘණ ලකුණු ඇතුලත් විය හැකිය. එවිට එවැනි වරදවල්ද If භාවිතා කිරීමේදී හඳුනාගත හැකි පරිදි සමීකරණ ලිවිය හැකිය. එලෙස එවැනි වරදවල්ද හඳුනාගත හැකි පරිදි සකස් කල Formula එක පහත දැක්වේ. =If(A2<0,''Error'',If(A2,<35,''Fail'',If(A2<100,''Pass","Error"))) මෙහි If යන්න ස්ථාන තුනකදී යොදනු ලැබේ.එනම් මෙම තනි Formula එක සකස් කර ඇත්තේ Formula 03ක් එකට එකතු කිරීමෙනි. එනම්, (1) =If(A2<0,"Error","") (2) =If(A2<35,...

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.

Youtube වලින් video download කරගන්නා ක්‍රම 02 ක්.

ඔබ ජංගම දුරකතනයක් භාවිතා කරන්නේ නම් Youtube app එක විවෘත කරගෙන එය නැරඹීමේ මුහුණතට යන්න.එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයට රවුම් කර ඇති ස්ථානය ක්ලික් කිරීමෙන් Youtube app එක තුල එය save වේවි.එවිට පසු අවස්තාවක data නොමැතිය එය නැරඹිය හැකි වේවි. එසේ නොමැති නම්, browser එකෙන් www.youtube.com වෙත ගොස් ඔබට download කරගැනී⁣මට අවශ්‍ය video එකෙහි නැරඹුම් මුහුණතට ගොස් youtube යන වචනයට පෙර ss යන අකුරු යොදා enter කරන්න.(www.ssyoutube.com....) ඉන් පසුව ඔබව නව website එකකට යාවි.එම website එක මගින් එම video එක ඔබට කැමති format එකකින් download කර ගන්න. ඔබට මෙවැනි නවතම ලිපි බැලීමට අවශ්‍ය නම් මෙම blogsite එක subscribe කරන්න අමතක කරන්න එපා.