මෙම පාඩම් මාලාවේ පළමු පාඩම ඔබ මේ වන තුරු බලා නැත්නම්, මෙය කියවීමට පෙර එම පාඩම කියවන ලෙස ඉල්ලමි. Excel මෘදුකාංගයෙහි ඇති ප්‍රධානතම පහසුකම වනුයේ ගණිතමය අගයන් භාවිත කොට පිළිතුරු ලබාගැනීමේ හැකියාවයි. ඒ සඳහා බොහෝ විට භාවිත කරනුයේ Formula ය. Formula යනු අපගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඕනෑම ආකාරයකට ඕනෑම ගණිත කර්මයක් යොදා සකස් කරන සමීකරණයි. Excel හිදී ගණිත කර්ම සඳහා පහත සංකේත යොදාගනු ලබයි. 1) එකතු කිරීම සඳහා + 2) අඩු කිරීම සඳහා - 3) බෙදීම සඳහා / 4) වැඩි කිරීම සඳහා * 5) බලයක් ලබා ගැනීම සඳහා ^ 6) එසේම වරහන් ලකුණු ( ) භාවිතා කොට සමීකරණයක් ඕනෑම ආකාරයකට සකසා ගත හැකි වේ. තවද, සමීකරණ ...