Skip to main content

Posts

Showing posts from May, 2018

සිංහලෙන් Excel ඉගෙන ගනිමු - 3

ඉහත උදාහරණය පැහැදිලි කර ගන්න.  Left  යම් cell එකක වම් පස සිට යම් අකුරු ප්‍රමාණයක් තෝරා ගැනීමට අවශ්‍ය නම්  මෙම formula එක භාවිතා කරනු ලබයි. මෙහිදී පළමුව = ලකුණ ඉන්පසුව තේරීමට  අවශ්‍ය වචනය හෝ cell එක ඉන්පසුව තෝරා ගැනීමට අවශ්‍ය අකුරු ගණන සටහන්  කරන්න.මේවා අතරට “,” ලකුණ යොදන්න.  Right  යම් cell එකක දකුණු පස සිට යම් අකුරු ප්‍රමාණයක් තෝරා ගැනීමට අවශ්‍ය නම්  මෙම formula එක භාවිතා කරනු ලබයි. මෙහිදී පළමුව = ලකුණ ඉන්පසුව තේරීමට  අවශ්‍ය වචනය හෝ cell එක ඉන්පසුව තෝරා ගැනීමට අවශ්‍ය අකුරු ගණන සටහන්  කරන්න.මේවා අතරට “,” ලකුණ යොදන්න.  Mid  යම් cell එකක මැද සිට යම් අකුරු ප්‍රමාණයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් මෙම  formula එක භාවිතා කරනු ලබයි. මෙහිදී පළමුව = ලකුණ ඉන්පසුව තේරීමට අවශ්‍ය  වචනය හෝ cell එක ඉන්පසුව වම්පස සිට කීවෙනි අකුරේ සිටද යන්න සහ ඉන්පසුව  තෝරා ගැනීමට අවශ්‍ය අකුරු ගණන සටහන් කරන්න.මේවා අතරට “,” ලකුණ යොදන්න. 

ඔබගේ නැතිවුන android දුරකතනය සොයා ගන්නේ මෙහෙමයි.

මේ සඳහා මුලින්ම ඔබට gmail ගිණුමක් තිබිය යුතුය. තාමත් ඔබට gmail ගිණුමක් නැත්නම් www.gmail.com වෙත පැමිණ ගිණුමක් විවෘත කරගන්න. ගිණුම විවෘත කරගත් පසු www.google.com වෙත පැමිණ where is my phone ලෙස ටයිප් කර සර්ච් කරන්න. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ ඔබේ නැති වූ ජංගම දුරකතනයේ location සහ data ඔන් කර තිබිය යුතුය. මෙහිදී ඔබගේ නැති වූ දුරකතනය තිබෙන ස්ථානය සිතියම මගින් පෙන්වනවා පමණක් නොව දුරකතනයෙහි රින්ග්ස් යැවීමටත් පුළුවන. එය සයිලන්ට් කිරීමට නම් off කරන ස්විචය ඔබාගෙන සිටිය යුතුය.තවදුරටත් අවශ්‍ය නම් දුරකතනයේ ඇති දත්ත මැකීමට හෝ මුරපදයක් ඇතුලත් කිරීමටත් පුළුවන්. gmail ගිණුමක් තිබීමෙන් තවත් බොහෝ දේවල් කල හැකිය. ඒවා එකින් එක ඉදිරියේදී කියා දෙන්නම්.ඒවා දැමූ විගස ඔබට දැනගැනීමට මෙම blogsite එක follow කරන්න.

Excel සිංහලෙන් ඉගෙන ගනිමු - 2

Upper : වචනයක සියළුම අකුරු කැපිටල් කිරීමට. Lower : වචනයක සියළුම අකුරු සිම්පල් කිරීමට. Proper : වචනයක් ලියන සාමාන්‍ය ආකාරයෙන් ලිවීම (මුල් අකුර කැපිටල් සහ අනිත් අකුරු සිම්පල්). Trim : වචනයක හිස්තැන් එකකට වැඩි ගණනක් තබා ඇති විට එක් හිස්තැනක් බවට පත් කිරීමට.

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.

සරල සමීකරණ -1(8වසර ගණිතය)

8වසර ගණිතය සරල සමීකරණ. සරල සමීකරණයක් විසඳීම යනු එහි නොදන්නා පදයේ අගය සෙවීමයි. ඒ සඳහා පහත පියවර අනුගමනය කළ හැකිය. උදා:-1) X+5=10 යැයි සිතමු. Xහි අගය සෙවීමට නම් X සමග ඇති 5 ඉවත් කළ යුතුය. ඒ සඳහා දෙපසින්ම 5ක් අඩු කල යුතුය. X+5-5=10-5 •X=5 2) X-7=12 මෙහිදී X සමග ඇති 7ඉවත් කිරීමට දෙපසටම 7ක් එකතු කළ යුතුය. X-7+7=12+7 •X=19 3) 2X+5=15 මෙහිදී පළමුව +5 ඉවත් කිරීමට දෙපසින්ම 5ක් අඩු කල යුතුය. 2X+5-5=15-5 2X=10 දෙවනුව X සමග ඇති 2 ඉවත් කිරීමට දෙපසම 2න් බෙදිය යුතුය. 2X/2=10/2 •X=5 මෙලෙස සරල සමීකරණ විසඳීමේදී පළමුව එකතු කිරීම් සහ අඩු කිරීම් ඉවත් කළ යුතුය.පසුව වැඩි කිරීම් සහ බෙදීම් ඉවත් කළ යුතුය.එවිට අප නොදන්නා පදය පමණක් ඉතිරි වී පිළිතුර ලැබේ.