Skip to main content

ගෙදර ඉඳන් Online මුදල් උපයන ක්‍රම 20 ක්...


මගේ කලින් ලිපි 02 කින් මං online මුදල් උපයන ක්‍රම කීපයක් ගැන කතා කළා. අද ඒ ක්‍රමයි තවත් ක්‍රම කීපයක් ගැනයි කතා කරන්නයි යන්නෙ. මගෙ මුලින් දාපු ලිපි කියවපු නැති අයට ඒ ලිපි වල link දාන්නම් බලන්න. එහෙනම් අද මුල ඉඳන් ඒ සියළු දේවල් කතා කරන්න. මෙහිදී මූලික දේ වන අදාළ වෙබ් සයිට් වල ලියාපදිංචි වීම පිළිබඳව මම කතා කරන්න යන්නෙ නෑ. මොකද ඒක ඒ තරම් දෙයක් නෙමෙයි. මූලිකව අවශ්‍ය වන First Name, Last Name, Email Adress, Password ඇරෙන්න වෙන දේවල් අහන්නෙ නෑ. ඉතිං ඒ ටික fill කරල ලියාපදිිිිිංචි වෙන්නයි තියෙන්නෙ. ලියාපදිංචියෙදි මොනාහරි ගැටළුවක් ආවොත් comment එකක් දාන්න. ගොඩක් වෙලාවට අපි ලියාපදිංචි වුනාට පස්සෙ එයාල අපිට ඊමේල් එකක් එවනවා. ඒකෙ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරල අදාළ වෙබ් සයිට් එකට ගියාම තමයි ඔයාව active කරන්නෙ. ඊට පස්සෙ තමයි ඔයාට ඒ වෙබ් සයිට් එකේ වැඩ කරන්න පුළුවන් වෙන්නෙ.
මම ගොඩක් ඒවල කරන විදිය වීඩියෝ එකකින් දාල තියෙනවා. ඒත් හැම එකකම දාල නෑ. මොකද ගොඩක් ඒවල එකම විදියට තමා කරන්න තියෙන්නෙ. ඒ වගේම ඒ්වල කරන්න තියෙන දේවලුත් බලල කරන්න පුළුවන් වෙයි කියල මං හිතනවා. මම දාල තියෙන වීඩියෝ ෆුල් ස්ක්‍රීන් දාල බලන්න. එතකොට හොඳට පැහැදිලි වේවි.
මේ දේවල් කරල උපයන මුදල් ලබාගන්න Paypal , Payeer  වගේ ගිණුමක් හදාගන්න න වෙනවා. සමහර ඒ්වල Bitcoin වලින් ගෙවන නිසා ඒ්වට Bitcoin adress එක දාන්න. ඒ හැම එකක් ගැනම මම වීඩියෝ කරල නැති නිසා Youtube එකෙන් ඒ ගිණුුුුම් හදන විදිය බලාගෙන කරන්න.  ඒ වගේම සමහර ඒවලින් කෙලින්ම  අපේ බැංකු ගිණුමට හෝ වීසා කාඩ් කට මුදල් ගෙන්න ගන්නත් පුළුවන්.

1. Gramfree
මේ දවස් වල ගොඩක් දෙනෙක් කරන ඒ වගේම ගොඩක් දෙනෙක් දන්න වෙබ් සයිට් එකක් තමයි Gramfree කියන්නෙ. මං දාපු කලින් ලිපියෙ link එක පහලින් දාන්නම්. 


Gramfree වල ලියාපදිංචි වෙන්න ඕන අය පහළ link එක click කරන්න.



02. Bannercuts
මේක ලංකාවෙ සමාගමක් කරන වෙබ් සයිට් එකක්. මේකත් ලංකාවෙ ගොඩ දෙනෙක් කරනවා. bannercuts ගැන මං කලින් දාපු ලිපියෙ link එක පහලින් දාන්නම්. 


03. adclick
මේකත් ලංකාවෙ සමාගමක් කරන වෙබ් සයිට් එකක්. ලංකාවෙ ගොඩ දෙනෙක් කරනවා. මේ ගැනත් මං කලින් දාල තියෙන ලිපියෙ link එක පහලින් දාන්නම්. ලියාපදිංචි වෙන්න ඕන අය ඊළඟට තියෙන link එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න..




04. SND Clicks


මෙකත් ලංකාවෙ සමාගමක් කරන වැඩක්. මේක ගැන මං කලින් කියල නෑ. මේකෙත් තියෙන්නෙ ඇඩ් බලන්නයි, වීඩියෝ බලන්නයි තමා. මේකෙදි අපිට මුදල් යොදවන්නත් පුළුවන්. එතකොට ලොකු ආදායමක් ලබාගන්න පුළුවන්. මුදල් යොදවන්නෙ නැතුව කරන්නත් පුළුවන්. එතකොට ටිකක් දවස් යනව ආදායමක් ගන්න.
මුලින්ම පහළ link එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න.


ඇඩ් බලන හැටි පහළ වීඩියෝ එකෙන් බලන්න. ඇඩ් බලල, ඔයා බැලුව කියල තහවුරු කරන්නෙ උඩ යට මාරු වෙලා තියෙන රූපෙ උඩ ක්ලික් කරලයි. 



මේ වෙබ් සයිට් එකේ අපිට කලින් කිව්ව සයිට් එකේදි වගේ BUY ADDS වලට ගිහින් පැකේජ මිලදී ගන්නත් පුළුවන්. WATCH VIDEO වලට ගිහින් නියමිත වීඩියෝ ටික බලන්නත් පුළුවන්. REVSHARES වලට ගිහින් සමාගමේ කොටස් මිලදීගෙන ඒ ලැබෙන ලාභය ගන්නත් පුළුවන්. ඒ වගේම MINI JOBS වලට ගිහින් එතන තියන වැඩ කරලත් ආදායමක් හොයාගන්න පුළුවන්. ඒ වගේම referrals ල හොයල දීල එයාලගෙ ආදායමෙන් කොටසක් ගන්නත් පුළුවන්. මං ඉස්සරහට කියන්න යන ගොඩක් වෙබ් සයිට් වල මූලික ක්‍රියාකාරකම් ඔක්කොම වගේ මේ වෙබ් සයිට් එකේ තියෙනවා. අපි උපයගත්ත මුදල් ආපසු ලබාගන්න පහත රූපයේ පියවර 3 අනුගමනය කරන්න. මේක සම්පූර්ණයෙන්ම ලංකාවෙ වැඩක් නිසා ඔක්කොම වගේ සිංහලෙනුත් තියෙනව. ඒ නිසා ගොඩක්ම ලේසි. මේක කලාම ඔයාට වෙනත් රටවල් වලින් කරන අනිත් සයිට් හරිම ලේසි වෙනවා..

ACCOUNT => Account Summary => CASHOUT



05. IpMONEY

මේකත් තවත් සල්ලි හොයන ONLINE ක්‍රමයක්. මේකෙන් ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි මේකෙදි තියෙන කොන්දේසිය තමා referrals ල 40 ක් හොයන්න වෙනව නැත්නම් අපේ සල්ලි ගන්න බැරි වෙනවා 40 ක් හොයල දෙනකන්. මේක ගොඩක්ම ලේසි වැඩක් referrals ල 40 ක් හොයාගන්න පුළුවන් කියල හිතෙනව නම් අදම වැඩේ පටන් ගන්න. මේකෙ ලියාපදිංචි වෙන්න පහළ link එක මත click කරන්න. කරන විදිය ගැන වීඩියෝ එක ඊටත් පහලින් තියෙනවා. සරලවම කියනව නම් උඩින් වැටිල තියන අංකය නැවත ටයිප් කරන්න විතරයි තියෙන්නෙ.

මෙතනින් ලියාපදිංචි වෙන්න....



referrals ල හොයාගන්න link එක User Area ගියාම ඒකෙ පහළ තියෙනවා. link එක share කරල referrals ල  එකතු කරගන්න. පහත රූපය බලල තවත් යම් අවබෝධයක් ලබාගන්න....

06. PAIDERA
PAIDERA කියන්නෙ කලින් කිව්ව ඒවට වඩා ටිකක් වෙනස් සයිට් එකක්. මුලින්ම පහළ link එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න.


ලියාපදිංචි වෙන්න මෙතන click කරන්න.

මේක ලංකාවෙ වගේම ලෝකෙ ගොඩක් දෙනෙක් කරනවා. මේක කරන්න අපි කීයක්වත් වියදම් කරන්න ඕන වෙන්නෙත් නෑ. ඒ වගේම මේකෙ තියෙන විශේෂත්වය තමයි අපි කලින් කරපු වැඩ වලට වඩා දිනකට වැඩි ආදායමක් හොයාගන්න පුළුවන් වගේම ඒ ආදායම 30$ ක් වුනාම අපේ   paypal ගිණුමට ගෙන්න ගන්න පුළුවන්. 
මේකෙදි ඔයාට කරන්න වැඩ කීපයක් තියෙනවා. ඒව තමයි Surveys, Tasks සහ Quize කියල කියන්නෙ. මේකෙ ගොඩක් වැඩ කරන්න නම් ඉංග්‍රීසි පොඩ්ඩක් පුළුවන් වෙන්නත්  ඕන. හැබැයි ඉංග්‍රීසි බෑ කියල අත අරින්න එපා. මම කියල දෙන්නම් කොහොමද කරන්නෙ කියල. ඒකට ඔයාට තියෙන්නෙ  Google Translator  භාවිතා කරන්නයි. දන්නැති ප්‍රශ්න ආවම ඒව copy කරල Google Translator එකට paste කරල සිංහල තේරුම බලාගන්න. ඒ වගේම දීල තියෙන උත්තර වලත් සිංහල තේරුම බලන්න. Survey කරන්න කලින් ඒකෙ තියෙන මාතෘකාව බලල ඔයාට කරන්න පුළුවන්ද කියල බලන්න. බැරි එකක් නම් කරන්න යන්න එපා. හැමවෙලේම ඔයාගෙ ඇත්ත විස්තර දාන්න. ඔය ප්‍රශ්න අතරට ඔයාගෙ වයස, ගැහැණු පිරිමි බව, රස්සාව වගේ දේනලුත් අහනවා. ඒ හින්ද එක එක ඒවට වෙන වෙන උත්තර නොදී එකම උත්තරේ දෙන්න. මොකද අපිට බෑ system එකට බොරු කරන්න. අපි බොරුවක් දාපු ගමන් අහුවෙනවා. ඒ නිසා චුට්ටක් කල්පනාවෙන් කරගෙන යන්න. 
මේකෙන් සල්ලි හොයන්න නම් හරිම ලේසියි. දවසකට අඩුම ගානෙ 1$ ක් නම් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ගොඩක් මහන්සි වුනොත් ඊටත් වඩා ගානක් හොයාගන්නත් පුළුවන්. ඒ කියන්නෙ 30$ මාසෙකින් හොයාගන්න එක හරිම ලේසි වැඩක්.
දැන් මම කියන්නම් ඇයි අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙනවට අපිට සල්ලි දෙන්නෙ ඇයි කියල.
ව්‍යාපාරික ලෝකයේ පරීක්ෂා නොකල අදහසක් නරක අදහසකි. නිෂ්පාදනයක් සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ අලෙවිකරණය කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කිරීමට පෙර සමාගම් විසින් පළමුව එය සොයා ගැනීමට කිසිවකුට අවශ්‍යදැයි සොයා බැලිය යුතුය. එම ක්‍රියාවලිය වෙළඳපල පර්යේෂණ ලෙස හැඳින්වේ. වෙළඳපල පර්යේෂණ විශාල ව්‍යාපාරයකි. අවධානය යොමු කණ්ඩායම්, නිෂ්පාදන පරීක්ෂණ, සම්මුඛ සාකච්ජා සහ සමීක්ෂණ ආදිය සඳහා ඇමරිකානු සමාගම් සෑම වසරකම ඩොලර් බිලියන ගණනක් වැය කරයි. මේ සියල්ලම වඩාත් ආකර්ෂණීය වන්නේ කුමන ලාංඡනයද, අර්ථාපල් චිපයේ රසය වඩාත්ම ඇබ්බැහි වන්නේ කාටද , කුමන පොප් ගීතය මීලඟට ජනප්‍රිය වේවිද? යන්න තීරණය කිරීමේ උත්සාහයකි. 
එහෙනම් දැන් web site එකට log වැඩේ කරගෙන යන්න. හැබැයි මතක තියා ගන්න මේ වගේ online  එක වැඩක් විතරක් කරල නම් ගොඩ යන්න අමාරුයි. ඒ හින්ද මේ ඔක්කොම කියවන්න. ඒ වගේම අලුත් ලිපි බලන්න ඕන නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. survey එකක් පටන් ගන්න විදිය මං පහළ වීඩියෝ එකෙන් දාල තියෙනවා. ඒ විදියට survey එක ඉවර වෙනකන් කරන්න.

07. NeoBux

මේකෙත් adclick, survey වගේම තව පොඩි පොඩි වැඩ කරන්නයි තියෙන්නෙ. මුලින්ම පහළ link එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න.
ලියාපදිංචි වීමට මෙතනින් යන්න...

ඇඩ් බලන විදිය පහළ වීඩියෝ එකෙන් බලන්න.. මේක කලින් බලපුවට වඩා ටිකක් වෙනස් විදියටයි කරන්න තියෙන්නෙ.


මෙතනින් පහලට දාල තියෙන වෙබ් සයිට් ගැන ලිපි තවම සකස් කරමින් ඉන්න නිසා දැනට ඒ්වල දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න. මං ඉක්මනින්ම ඒ්වල විස්තරත් දාන්නම්...

08. Golden Clix
මුලින්ම මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.

 

09. EldiBux
මුලින්ම මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.

 

10.OptimalBux
මුලින්ම මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.



11. Grab Bitcoin

මුලින්ම මෙතනින් ගිිිිිිහින් ලිිිියාපදිංචිි වෙන්න. ඊට පස්සෙ කරන විදිය පහළ වීඩිිිිියෝ කෙන් බලන්න.





12. GPT Planet
මුලින්ම මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.

 

13. Scarlet-Clicks
මුලින්ම මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.



14. Star-Clicks
මුලින්ම මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.

15. Silver Clix
මුලින්ම මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.

   

16. PTCShare
මුලින්ම මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.


17. PaidVerts
මුලින්ම මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.








Comments

Popular posts from this blog

සිංහලෙන් excel ඉගෙන ගනිමු - 4 (If භාවිතය)

මේ යම් විභාගයක සමත් සහ අසමත් අය තෝරා ගැනීමට 'If' භාවිතා කරන ආකාරයයි. =If(A2<35,''Fail'',''Pass'') ඉහත දක්වා ඇත්තේ මෙම සමීකරණයෙහි සරලම ආකාරය වේ. මෙහිදී මුලින්ම = ලකුණ යොදා ඊට පසු If ඊට පසු වරහන් තුළ මුලින්ම තර්කය, එනම්, A2<35 (A2 හි අගය 35 ට අඩුනම් යන්න මෙහි අදහස වේ.) ඉන් පසුව තර්කයට අනුකූල වේ නම් සටහන් විය යුත්ත. එනම් Fail . ඉන්පසුව එසේ නොවේ නම් සටහන් විය යුත්ත. එනම් Pass. ඇතැම් විට දත්ත ඇතුලත් කිරීමේදී ලකුණු 100 ට වැඩි සහ 0 ට අඩු එනම් සෘණ ලකුණු ඇතුලත් විය හැකිය. එවිට එවැනි වරදවල්ද If භාවිතා කිරීමේදී හඳුනාගත හැකි පරිදි සමීකරණ ලිවිය හැකිය. එලෙස එවැනි වරදවල්ද හඳුනාගත හැකි පරිදි සකස් කල Formula එක පහත දැක්වේ. =If(A2<0,''Error'',If(A2,<35,''Fail'',If(A2<100,''Pass","Error"))) මෙහි If යන්න ස්ථාන තුනකදී යොදනු ලැබේ.එනම් මෙම තනි Formula එක සකස් කර ඇත්තේ Formula 03ක් එකට එකතු කිරීමෙනි. එනම්, (1) =If(A2<0,"Error","") (2) =If(A2<35,...

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.

Youtube වලින් video download කරගන්නා ක්‍රම 02 ක්.

ඔබ ජංගම දුරකතනයක් භාවිතා කරන්නේ නම් Youtube app එක විවෘත කරගෙන එය නැරඹීමේ මුහුණතට යන්න.එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයට රවුම් කර ඇති ස්ථානය ක්ලික් කිරීමෙන් Youtube app එක තුල එය save වේවි.එවිට පසු අවස්තාවක data නොමැතිය එය නැරඹිය හැකි වේවි. එසේ නොමැති නම්, browser එකෙන් www.youtube.com වෙත ගොස් ඔබට download කරගැනී⁣මට අවශ්‍ය video එකෙහි නැරඹුම් මුහුණතට ගොස් youtube යන වචනයට පෙර ss යන අකුරු යොදා enter කරන්න.(www.ssyoutube.com....) ඉන් පසුව ඔබව නව website එකකට යාවි.එම website එක මගින් එම video එක ඔබට කැමති format එකකින් download කර ගන්න. ඔබට මෙවැනි නවතම ලිපි බැලීමට අවශ්‍ය නම් මෙම blogsite එක subscribe කරන්න අමතක කරන්න එපා.