8වසර ගණිතය
සරල සමීකරණ.
සරල සමීකරණයක් විසඳීම යනු එහි නොදන්නා පදයේ අගය සෙවීමයි.
ඒ සඳහා පහත පියවර අනුගමනය කළ හැකිය.
උදා:-1) X+5=10 යැයි සිතමු.
Xහි අගය සෙවීමට නම් X සමග ඇති 5 ඉවත් කළ යුතුය. ඒ සඳහා දෙපසින්ම 5ක් අඩු කල යුතුය.
X+5-5=10-5
•X=5
2) X-7=12
මෙහිදී X සමග ඇති 7ඉවත් කිරීමට දෙපසටම 7ක් එකතු කළ යුතුය.
X-7+7=12+7
•X=19
3) 2X+5=15
මෙහිදී පළමුව +5 ඉවත් කිරීමට දෙපසින්ම 5ක් අඩු කල යුතුය.
2X+5-5=15-5
2X=10
දෙවනුව X සමග ඇති 2 ඉවත් කිරීමට දෙපසම 2න් බෙදිය යුතුය.
2X/2=10/2
•X=5
මෙලෙස සරල සමීකරණ විසඳීමේදී පළමුව එකතු කිරීම් සහ අඩු කිරීම් ඉවත් කළ යුතුය.පසුව වැඩි කිරීම් සහ බෙදීම් ඉවත් කළ යුතුය.එවිට අප නොදන්නා පදය පමණක් ඉතිරි වී පිළිතුර ලැබේ.

Comments
Post a Comment