Skip to main content

Excel මුල සිට සරලව - 2


මෙම පාඩම් මාලාවේ පළමු පාඩම ඔබ මේ වන තුරු බලා නැත්නම්, මෙය කියවීමට පෙර එම පාඩම කියවන ලෙස ඉල්ලමි.
Excel මෘදුකාංගයෙහි ඇති ප්‍රධානතම පහසුකම වනුයේ ගණිතමය අගයන් භාවිත කොට පිළිතුරු ලබාගැනීමේ හැකියාවයි. ඒ සඳහා බොහෝ විට භාවිත කරනුයේ Formula ය. Formula යනු අපගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඕනෑම ආකාරයකට ඕනෑම ගණිත කර්මයක් යොදා සකස් කරන සමීකරණයි.
Excel හිදී ගණිත කර්ම සඳහා පහත සංකේත යොදාගනු ලබයි.
1)  එකතු කිරීම සඳහා                    +
2)  අඩු කිරීම සඳහා                         -
3) ⁣ බෙදීම සඳහා                               /
4)  වැඩි කිරීම සඳහා                       *
5)  බලයක් ලබා ගැනීම සඳහා      ^
6)  එසේම වරහන් ලකුණු ( ) භාවිතා කොට සමීකරණයක් ඕනෑම ආකාරයකට සකසා ගත හැකි වේ.

තවද, සමීකරණ ලිවීමේදී පහත කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න.
1)  Excel වලදී සමීකරණයක් සකසා ගැනීමේදී එය ආරම්භ කරනුයේ අනිවාර්⁣යයෙන්ම සමාන කිරීමේ ලකුණකිනි.
2)  සමීකරණයක් සැකසීමේදී සෑම විටකම Cell ලිපිනයන් භාවිතා කිරීම කළ යුතුය.
3)  ඉහත 2 පරිදි අගයන් වෙනුවට Cell ලිපිනයන් භාවිතා කිරීම නිසා Cell වල ඇති අගයන් වෙනස් කළ සැනින් සමීකරණය අදාළ Cell එකෙහි ඇති අගයද වෙනස් වේ.

දැන් අපි පහත උදාහරණය බලමු.
එක්තරා ආයතනයක වැටුප් ගෙවීමට අදාළ Excel පත්‍රිකාව පහත පරිදි වේයැයි සිතමු.
Column A  - නම
Column B  - මූලික වැටුප
Column C  - OT පැය ගණන
Column D  - OT පැයකට ගෙවන මුදල *
Column E  - OT සඳහා මුදල *
Column F  - දළ වැටුප *
Column G  - EPF *
Column H  - වෙනත් අඩුකිරීම්
Column I    - අඩු කිරීම් වල එකතුව *
Column J  - ශුද්ධ වැටුප *
ඉහත තොරතුරු පරිදි වැටුප් පත්‍රිකාවේ පළමු නම සඳහන් තැනැත්තාගේ  (එනම් 2 වන row එකෙහි) වැටුප සකස් කිරීමේදී යොදාගතහැකි Formula පිළිබඳව පැහැදිලි කර ගනිමු.
ඉහත * ලකුණ යොදා ඇති ස්ථාන සඳහා අපට Formula යොදාගත හැකිය.
Column D සඳහා,
මෙහිදී අපි OT පැයක ගෙවීම, පැයක සාමාන්‍ය ගෙවීම මෙන් 1.5 ගුණයක් යැයි සිතමු.
එවිට Column D සඳහා සමීකරණය-->
=B2/30/8*1.5
එවිට Column E සඳහා -->
=C2*D2
ඉන් පසු Column F සඳහා -->
=B2+E2
එලෙසම අනෙකුත් සමීකරණ පහත පරිදි සකස් කළ හැකිය.
Column G -->
=B2*12%
Column I -->
=G2+H2
Column J -->
=B2+E2-I2 හෝ
=F2-I2

ඉහත පරිදි අපට ඉතාමත් පහසුවෙන් සියළු ගණිත කර්ම 100% ක් නිවැරදිව කරගත හැකි බව පෙනී යයි.
සමීකරණ පිළබඳ මූලික ඉගැන්වීම සඳහා ඉහත උදාහරණය ගතිමි. තවදුරටත් මේ පිළිබඳව ඉදිරි පාඩම් සමග සංකීර්ණ උදාහරණ සාකච්ඡා කරමු.

Formula පිටපත් කිරීම.
ඉහත උදාහරණයේදී අපි එක් Cell එකක පමණක් Formula එක ලියුවෙමු.එලෙස සියල්ලන්ගේ වැටුප් සකස් කිරීම සඳහා ඒ සියළු Cell වල Formula ලිවීම අවශ්‍ය නැත. ඒ සඳහා Formula පිටපත් කිරීම නම් පහසුකම භාවිතා කළ හැකිය.
අප විසින් Formula එකක් සටහන් කිරීමෙන් අනතුරුව Enter යතුර තෝරාගැනීමෙන් අපට එමගින් ලැබෙන පිළිතුර ලැබේ. මෙසේ පිළිතුර ලබා ගැනීමෙන් අනතුරුව Mouse තුඩ එම Cell එකෙහි දකුණු පස පහතින් දැක්වෙන කොටුවක් හැඩැති ස්ථානය වෙත ගෙන ආ පසුව left click කර පහලට ඇදීමෙන්  Formula එක පහත කොටු වලට පිටපත් කර ගත හැකිය. මෙසේ Formula පිටපත් කිරීමේදී Cell ලිපිනයන් වෙනස් වීම හේතුවෙන් අපට ක්ෂණිකව පිළිතුරු ලබා ගැනීමේ හැකියාව ඇත. මෙය එක්තරා පහසුකමක් වේ. නමුත් ඇතැම් අවස්තාවල මෙම හේතුව නිසා ඇතැම් පිළිතුරු ලබා ගැනීමට හැකියාව නොලැබේ.එවැනි අවස්තා පිළිබඳව ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කරනු ලැබේ.

Comments

Popular posts from this blog

සරල සමීකරණ - 2 (8 වසර ගණිත)

සරල සමීකරණ - 2 (8 වසර ගණිතය) මෙහි පළමු පාඩමෙන් සරල සමීකරණ විසඳන ආකාරය ගැන සාකඡ්චා කලෙමු. එම මතකය නැවත ආවර්ජනය කිරීමට මෙම පාඩමට පෙර එය කියවා සිටීම වැදගත් වේවි. ඒ නිසා දැන් අපිට ඕනෑම සරල සමීකරණයක් විසඳන්න පුළුවන්. මේ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රායෝගික ලෙස සරල සමීකරණයක් ගොඩ නගාගෙන එය විසඳීමට හැකියාව ලබා ගැනීමයි.ඒ සඳහා අපි උදාහරණ ගෙන බලමු. 01) සමචතුරස්‍රයක පරිමිතිය 28 cm නම් පැත්තක දිග කොපමණද? * සමචතුරස්‍රයක පාද 4ම එක සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X+X= 28 4X= 28 4X/4 = 28/4 X= 7cm// 02) සමපාද ත්‍රිකෝණයක පරිමිතිය 33cm නම් එක් පාදයක දිග සොයන්න. *සමපාද ත්‍රිකෝණයේ පාද තුනම දිගින් සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X =33 3X = 33 3X/3=33/3 X = 11 cm// 03) සෘජු කෝණාස්‍රයක දිග , පළල මෙන් දෙගුණයකි. එහි පරිමිතිය 42 cm වේ.එහි දිග සහ පළල සොයන්න. * සෘජුකෝණාස්‍රයේ පළල X ලෙස ගනිමු. එවිට එහි දිග = 2X එවිට පරිමිතිය, X+X+2X+2X = 42 6X = 42 6X/6 = 42/6 X = 7 cm එම නිසා, පළල = 7cm සහ දිග = 14 cm ද වේ. 04)

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.