Skip to main content

සිංහලෙන් excel ඉගෙන ගනිමු - 4 (If භාවිතය)


මේ යම් විභාගයක සමත් සහ අසමත් අය තෝරා ගැනීමට 'If' භාවිතා කරන ආකාරයයි.
=If(A2<35,''Fail'',''Pass'')
ඉහත දක්වා ඇත්තේ මෙම සමීකරණයෙහි සරලම ආකාරය වේ. මෙහිදී මුලින්ම = ලකුණ යොදා ඊට පසු If ඊට පසු වරහන් තුළ මුලින්ම තර්කය, එනම්, A2<35 (A2 හි අගය 35 ට අඩුනම් යන්න මෙහි අදහස වේ.) ඉන් පසුව තර්කයට අනුකූල වේ නම් සටහන් විය යුත්ත. එනම් Fail . ඉන්පසුව එසේ නොවේ නම් සටහන් විය යුත්ත. එනම් Pass.
ඇතැම් විට දත්ත ඇතුලත් කිරීමේදී ලකුණු 100 ට වැඩි සහ 0 ට අඩු එනම් සෘණ ලකුණු ඇතුලත් විය හැකිය. එවිට එවැනි වරදවල්ද If භාවිතා කිරීමේදී හඳුනාගත හැකි පරිදි සමීකරණ ලිවිය හැකිය.
එලෙස එවැනි වරදවල්ද හඳුනාගත හැකි පරිදි සකස් කල Formula එක පහත දැක්වේ.

=If(A2<0,''Error'',If(A2,<35,''Fail'',If(A2<100,''Pass","Error")))
මෙහි If යන්න ස්ථාන තුනකදී යොදනු ලැබේ.එනම් මෙම තනි Formula එක සකස් කර ඇත්තේ Formula 03ක් එකට එකතු කිරීමෙනි. එනම්,
(1) =If(A2<0,"Error","")
(2) =If(A2<35,"Fail","")
(3) =If(A2<100,"Pass","")
යන සමීකරණ තුනයි.

(1)+(2)+(3) -->

මෙය මෙලෙස පැහැදිලි කර ගනිමු.

පළමුව --> A2<0 (A2, 0 ට වඩා කුඩා නමි) "Error" ලෙස සටහන් වීමට. ඉන්පසු එසේ නොවේ නම්,

දෙවනුව --> A2<35 (A2, 35 ට වඩා කුඩා නම්) "Fail" ලෙස සටහන් වීමට, ඉන්පසු එසේ නොවේ නම්,

තුන්වනුව --> A2<100 (A2, 100 ට වඩා කුඩා නම්) "Pass" ලෙස සටහන් වීමට,

මෙහිදී If වලට පසුව ආරම්භක වරහනද සම්පූර්ණ සමීකරණය අවසානයේ භාවිතා කල If 03 ට අදාළව අවසන් කිරීමට වරහන් 03 ක් යෙදිය යුතුය.
එසේම මේ සෑම කොටසක් අතරටම කොමා (,) ලකුණ යෙදීමටද , සටහන් වීමට අවශ්‍ය වචන වන Error, Fail සහ Pass යෙදිය යුත්තේ උධෘත කොමා (" ") අතරෙහිය.


දැන් අපි පහත පරිදි සටහන් වීමට Formula එකක් සකස් කරමු.

0-35     - W
35-50   - S
50-65   - C
65-75   - B
75-100 - A
=If(A2<0,"Error",If(A2<35,"W",If(A2<50,"S",If(A2<65,"C",If(A2<75,"B",If(A2<100,"A","Error"))))))

පෙර උදාහරණය පරිදි මෙහි If 06 ක් භාවිතා වේ. 
මෙම උදාහරණ දෙකෙන්ම පෙන්වා ඇත්තේ If පමණක් භාවිතා කොට සකස් කර ඇති සමීකරණයි. මීට පෙර උගත් Text වර්ගයේ දත්ත සඳහා යොදා ගන්නා Formula සමග භාවිතාවක් දැන් බලමු.

මෙහිදී අපි පරණ ජාතික හැඳුනුම්පත් අංකය මගින් ගැහැණු , පිරිමි සොයා ගැනීමට Formula එකක් සකස් කරමු.

* එසේම මෙහිදී Text වර්ගයේ දත්තයක් Numeric වර්ගයේ දත්තයක් බවට පරිවරිතනය කිරීම සඳහා Value යන Formula හි භාවිතයද බලමු.

=Value(A2)

881530460V
මෙහි ගැහැණු පිරිමි බව දැක්වෙනිනේ 3,4,5 අංක වලිනි. පළමුව එය තෝරා ගැනීමට Mid යන Formula එක බලමු.
=Mid(A2,3,3)
මෙහිදී 500 ට අඩු නම් පිරිමි සහ 500 ට වැඩි නම් ගැහැණු ලෙස දක්වනු ලැබේ. එසේ නම් එම සමීකරණය මෙලෙස ලියමු.

=If(Value(Mid(A2,3,3))<500,"Male","Female") ----(1)


=If(Value(Mid(A2,3,3))<367,"Male",If(Value(Mid(A2,3,3))<500,"Error",If(Value(Mid(A2,3,3))<867,"Female","Error"))) ----(2)

මෙහි 2 වන සමීකරණය මගින් වැරදි ජා.හැ.අ. හඳුනා ගැනීමටද භාවිතා කල හැකිය.





සැලකිය යුතුයි :- සමීකරණ ලිවීමේදී තර්කානුකූල ලෙස ලිවිය යුතුයි. Excel මෘදුකාංගය මගින් සමීකරණ හඳුනා ගැනීමේදී අපි එය ලියන පිලිවෙලට හඳුනාගැනීම සිදු කරයි. ලියන පිලිවෙල මාරු වුවහොත් අපට ලබාදෙන තොරතුරු මාරු වේ. උදාහරණ ලෙස ලකුණු වලට A,B,C,D දැමීමේදී ලකුණු වැඩිවෙන පිළිවලට දැමිය යුතුය.මුලින්ම 0 ට අඩු ඊටපසු 35 ට අඩු ඊටපසු 50 ට අඩු ඊටපසු 65 ට අඩු සහ ඊටපසු 100 ට අඩු ලෙස ලිවිය යුතුය. නැතිනම් මුලින්ම 100 ට අඩු ලෙස ලියුවහොත් ඉන්පසු තර්කය ඇත්තේ 100 ට වැඩි ලකුණු සඳහා පමණි. අනෙක් සියළු 100 ට අඩු ලකුණු සඳහා A ලෙස ලැබේ.

Comments

Popular posts from this blog

සරල සමීකරණ - 2 (8 වසර ගණිත)

සරල සමීකරණ - 2 (8 වසර ගණිතය) මෙහි පළමු පාඩමෙන් සරල සමීකරණ විසඳන ආකාරය ගැන සාකඡ්චා කලෙමු. එම මතකය නැවත ආවර්ජනය කිරීමට මෙම පාඩමට පෙර එය කියවා සිටීම වැදගත් වේවි. ඒ නිසා දැන් අපිට ඕනෑම සරල සමීකරණයක් විසඳන්න පුළුවන්. මේ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රායෝගික ලෙස සරල සමීකරණයක් ගොඩ නගාගෙන එය විසඳීමට හැකියාව ලබා ගැනීමයි.ඒ සඳහා අපි උදාහරණ ගෙන බලමු. 01) සමචතුරස්‍රයක පරිමිතිය 28 cm නම් පැත්තක දිග කොපමණද? * සමචතුරස්‍රයක පාද 4ම එක සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X+X= 28 4X= 28 4X/4 = 28/4 X= 7cm// 02) සමපාද ත්‍රිකෝණයක පරිමිතිය 33cm නම් එක් පාදයක දිග සොයන්න. *සමපාද ත්‍රිකෝණයේ පාද තුනම දිගින් සමාන වේ. එබැවින් එක් පාදයක දිග X ලෙස ගනිමු. එවිට පරිමිතිය, X+X+X =33 3X = 33 3X/3=33/3 X = 11 cm// 03) සෘජු කෝණාස්‍රයක දිග , පළල මෙන් දෙගුණයකි. එහි පරිමිතිය 42 cm වේ.එහි දිග සහ පළල සොයන්න. * සෘජුකෝණාස්‍රයේ පළල X ලෙස ගනිමු. එවිට එහි දිග = 2X එවිට පරිමිතිය, X+X+2X+2X = 42 6X = 42 6X/6 = 42/6 X = 7 cm එම නිසා, පළල = 7cm සහ දිග = 14 cm ද වේ. 04)

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.

Excel මුල සිට සරලව - 2

මෙම පාඩම් මාලාවේ පළමු පාඩම ඔබ මේ වන තුරු බලා නැත්නම්, මෙය කියවීමට පෙර එම පාඩම කියවන ලෙස ඉල්ලමි. Excel මෘදුකාංගයෙහි ඇති ප්‍රධානතම පහසුකම වනුයේ ගණිතමය අගයන් භාවිත කොට පිළිතුරු ලබාගැනීමේ හැකියාවයි. ඒ සඳහා බොහෝ විට භාවිත කරනුයේ Formula ය. Formula යනු අපගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඕනෑම ආකාරයකට ඕනෑම ගණිත කර්මයක් යොදා සකස් කරන සමීකරණයි. Excel හිදී ගණිත කර්ම සඳහා පහත සංකේත යොදාගනු ලබයි. 1)  එකතු කිරීම සඳහා                    + 2)  අඩු කිරීම සඳහා                         - 3) ⁣ බෙදීම සඳහා                               / 4)  වැඩි කිරීම සඳහා                       * 5)  බලයක් ලබා ගැනීම සඳහා      ^ 6)  එසේම වරහන් ලකුණු ( ) භාවිතා කොට සමීකරණයක් ඕනෑම ආකාරයකට සකසා ගත හැකි වේ. තවද, සමීකරණ ලිවීමේදී පහත කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. 1)  Excel වලදී සමීකරණයක් සකසා ගැනීමේදී එය ආරම්භ කරනුයේ අනිවාර්⁣යයෙන්ම සමාන කිරීමේ ලකුණකිනි. 2)  සමීකරණයක් සැකසීමේදී සෑම විටකම Cell ලිපිනයන් භාවිතා කිරීම කළ යුතුය. 3)  ඉහත 2 පරිදි අගයන් වෙනුවට Cell ලිපිනයන් භාවිතා කිරීම නිසා Cell වල ඇති අ